නිතර අසන ප්‍රශ්න (FAQs)

ලොගින් වෙන්නේ කොහොමද?

ඔබේ ඊමේල් ලිපිනය ලබාදී ගිණුම සම්පූර්ණ කළ පසු ලොගින් වීම සඳහා “connect” ක්ලික් කරන්න.

හිරවුණොත් මොකද කරන්නේ?

පිටුව refresh කරන්න. තවදුරටත් ගැටළුව පවතී නම් 0767412345 අංකයෙන් අපව සම්බන්ධ කරගන්න.

ඉහළ අත්දැකීමක් සඳහා භාවිතා කළ යුතු බ්‍රවුසරය කුමක්ද?

ඉහළ අත්දැකීමක් ලබා ගැනීම සඳහා අවම වශයෙන් 8GB RAM එකකින් සමන්විත පරිගණකයක Google Chrome භාවිතා කිරීම අපි තරයේ නිර්දේශ කරමු. Macbook සඳහා, Safari බ්‍රවුසරය නිර්දේශ කෙරේ. මොබයිල් බ්‍රවුසර් නිර්දේශ නොකරන අතර අවම වශයෙන් 8 mbps අන්තර්ජාල වේගයක් තිබීම load වීමට ගත වන කාලය බෙහෙවින් අඩු කරයි.

මයික් එක සහ වෙබ් කැම් එක ක්‍රියාත්මක නොවේ නම්?

mic/webcam අයිකන මත ක්ලික් කර ඒවා ON වී ඇත්දැයි බලන්න. නැතහොත් පිටුව refresh කර නැවත ලොගින් වෙන්න.

Metaverse අවකාශය තුළ ගමන් කරන්නේ කෙසේද?

W + S හෝ Up + Down Arrow යතුරු භාවිතයෙන් ඉදිරියට හා පසුපසට ගමන් කළ හැක. ඒ අතරතුර වම් මවුස් බොත්තම ක්ලික් කරගෙන මවුසය move කිරීමෙන් අවට නැරඹිය හැක. SHIFT බොත්තම තද කළ විට වේගයෙන් ගමන් කළ හැකි වේ.

කිහිපවරක් උත්සාහ කළ ද connect වීමට නොහැකිය.

කරුණාකර ඊමේල් පරීක්ෂා කර දී ඇති expo එකට connect වෙන්න. පිටුව refresh කර හෝ වෙනත් බ්‍රවුසරයකින් උත්සාහ කරන්න. තවදුරටත් ගැටළුව පවතී නම් 0767412345 අංකයෙන් අපව සම්බන්ධ කරගන්න.

වෙනත් උපාංගයක ශබ්ද play වේ නම්?

තිරයේ යටම ඇති මයික්‍රොෆෝන අයිකනය මත Right Click කර, ඔබට අවශ්‍ය ස්පීකර/හෙඩ්සෙට් එක හෝ මයික්‍රොෆෝනය තෝරන්න.

පෙනුම (Avatar එක) වෙනස් කර ගන්නේ කෙසේද?

ලොග් වූ පසු යතුරුපුවරුවේ C යතුර ඔබා, කැමති පෙනුමක් තෝරාගන්න.

තිරයේ රතු සහ කළු කොටු දිස්වන්නේ ඇයි?

මෙයට හේතුව අන්තර්ජාල වේගය මදි වීම නිසා නිසි පරිදි load නොවීමයි. කරුණාකර පිටුව refresh කර හෝ වෙනත් වේගවත් සබඳතාවක් භාවිතයෙන් නැවත උත්සාහ කරන්න.